“නවීන හා බලගතු රටක් සඳහා සංවර්ධන කේතය” ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තනයේ ලක්ෂණ සහ එහි ප්‍රායෝගික වටිනාකම පිළිබඳ ග්‍රන්ථය ප්‍රකාශයට පත් ‍වෙයි
2023-05-06 15:29:34
Share with:

Xinhua පුවත් ආයතනයේ ජාතික ඉහළ පෙළේ බුද්ධිමණ්ඩලය මගින් සංස්කරණය කරන ලද “නවීන හා බලගතු රටක් සඳහා සංවර්ධන කේතය” ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තනයේ ලක්ෂණ සහ ප්‍රායෝගික වටිනාකම පිළිබඳ චීන සහ ඉංග්‍රිසි ද්විත්ව අනුවාදයන්ගෙන් යුක්ත ග්‍රන්ථය ප්‍රකාශයට පත් ‍වෙයි.

එම ග්‍රන්ථය පරිච්ඡේද පහකින් සමන්විතයි. “මාක්ස්වාදී දේශපාලන ආර්ථිකයේ නව ක්ෂේත්‍රයක් ගවේෂණය කිරීම - ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ සුවිශේෂී ලක්ෂණ”, “උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් චීන අනන්‍යතාව සහිත නවීකරණය ප්‍රවර්ධනය කිරීම - ෂී ජින් පිං  මහතාගේ ආර්ථික චින්තනයේ ප්‍රායෝගික උපායමාර්ගය”, “ආර්ථික පාලන නවීකරණයේ චීන දැක්ම - ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ විද්‍යාත්මක පසුබිම”, “ගෝලීය ආර්ථික සංවර්ධන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම - ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ ගෝලීය දැක්ම” සහ “මූලාශ්‍රයන් ගවේෂණය කිරීම: විවිධ ප්‍රදේශවල ෂී ජින් පිං මහතාගේ ආර්ථික පාලනය පිළිබඳ සිද්ධි- ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ අන්තර්ගතය” යනාදිය එම පරිච්ඡේද පහයි.  ජනාධිපතිවරයාගේ ආර්ථික චින්තනයේ හරය සහ ආත්මය සාරවත් ලෙස මෙහි අන්තර්ගතයෙන් පරිපූර්ණ ලෙස විස්තර කර ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම