බ්‍රිතාන්‍යයේ තෙවන Charles රජුගේ සහ රැජිනගේ රාජාභිෂේකයට චීන ජනාධිපති හා ආර්යාව සුභ පැතුම් යොමු කරති
2023-05-06 19:02:07
Share with:

බ්‍රිතාන්‍යයේ තෙවන Charles රජුගේ සහ රැජිනගේ රාජාභිෂේකය සැමරීම වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ආර්යා Peng Liyuan මහත්මිය, අද(6) සුභ පැතුම් පණිවුඩයක් යොමු කළහ.

චීනය සහ බ්‍රිතාන්‍යය රාජ්‍යන් දෙකම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෝ වෙති. දෙපාර්ශ්වයම දිගුකාලීන හා උපායමාර්ගික දැක්මක් ඇතිව සාමය, සංවර්ධනය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන ඓතිහාසික ප්‍රවණතාව ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව, ෂී ජින් පිං මහතා හා Peng Liyuan මහත්මිය එම පණිවුඩයේ සඳහන් කළහ. බ්‍රිතාන්‍යය සමඟ, ස්ථාවර සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක චීන-බ්‍රිතාන්‍ය සබඳතාවයක් මගින්, දෙරටට සහ ලෝකයට වඩාත් මැනවින් දායකත්වය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා හා Peng Liyuan මහත්මිය එහිදී කියා සිටියහ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම