ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට එක්වෙයි
2023-05-06 17:27:24
Share with:

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් ඊයේ(5) පැවැත්විණ. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මැයි 06 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 04 වැනිදා උදෑසන එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා හමුවී දෙරට අතර කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවා පිළිබඳ සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම