චීන මාධ්‍ය සමූහය පැරිස් ඔලිම්පික් උළෙල විකාශනයේ ප්‍රධාන නිල ආයතනය බවට පත් වෙයි
2023-05-06 17:19:52
Share with:

චීන මාධ්‍ය සමූහය පැරිස් ඔලිම්පික් උළෙල විකාශනය කරන ප්‍රධාන නිල ආයතනයක් බවට පත් වේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් විකාශන සේවා සමාගම හා චීන මාධ්‍ය සමූහය අද(6) බෙයිජිංහිදී සහයෝගිතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. ඉන් ආරාධනාවට අනුව චීන මාධ්‍ය සමූහය නිල වශයෙන් පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විකාශන ආයතනය බවට පත් වේ. දෙපාර්ශ්වය දිගුකාලීනව සහයෝගිතා ක්‍රමය ස්ථාපිත කරමින් ඔලිම්පික් ජීවගුණය පැතිරීම ප්‍රවර්ධනය කරනු ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා,  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ඇමති චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ගිවිසුම අත්සන් තැබීමට සාක්ෂි දැරූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම