ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති ක්‍රීඩා පනතක්
2023-05-06 17:28:17
Share with:

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීම ඇරඹේ. පවතින ක්‍රීඩා පනතේ ඇත්තේ යල් පැන ගිය නීති රෙගුලාසි බැවින් නවීන තාක්ෂණයට ගැලපෙන ලෙස ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට අදාලව නව පනතක් සකස් කිරීමට රජය තීන්දු කර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ. අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කළේය. නව ක්‍රීඩා පනත ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට පවතින 1973 ක්‍රිඩා පනත අහෝසී වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම