වෙසක් නැරඹීමට විශේෂ බස් සේවාවක්
2023-05-05 18:52:01
Share with:

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද(05) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බව එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේය.

දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බවයි.

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම