චීන විදේශ ඇමතිවරයා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමති සමුළුවට එක් වෙයි
2023-05-05 20:12:20
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති Qin Gang මහතා අද(5) ඉන්දියාවේ Goa හි පැවැත්වන ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමති සමුළුවට එක් විය.  

ඔහු එහිදී පෙන්වා දුන්නේ, වත්මන් ලෝකය විවිධ අර්බුදවලට සහ අභියෝගවලට මුහුණ දී සිටින බවයි. ශැංහයි සහයෝගිතා සංවිධානය ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවල වැදගත් නිර්මාණාත්මක බලවේගයක් ලෙස, වඩාත් සමීප පොදු ශැංහයි සහයෝගිතා සංවිධාන ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගිය යුතු ය.

මේ සඳහා Qin Gang මහතා යෝජනා 5ක් ඉදිරිපත් කළේ ය. උපායමාර්ගික ස්වාධීනත්වයට අනුගත වන අතර, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරයි. ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරන අතර, කලාපීය සාමය ආරක්ෂා කරයි. විවෘතභාවය සහ ඉවසිලිවන්ත බව පවත්වා ගෙන යන අතර, ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කරයි. සාධාරණත්වය සහ යුක්තිය ක්‍රියාත්මක කරන අතර, ගෝලීය පාලනය වැඩිදියුණු කරයි. දිගුකාලීන සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතර, යාන්ත්‍රණය ගොඩනැගීම ශක්තිමත් කරයි.

ඒ ඒ සාමාජික රටවල් සමඟ සහයෝගීතා අඛණ්ඩව පුළුල් කිරීමට මෙන්ම, ජාතික සංවර්ධනයේ සහ පුනර්ජීවන මාවතේ දී, පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ ඉලක්කය කරා අඛණ්ඩව එක්ව කටයුතු කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, Qin Gang මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම