චීන-අප්‍රිකා සහයෝගතාව නිර්වචනය කළ යුත්තේ ඇමරිකාව නොව අප්‍රිකානු ජනතාවයි
2023-05-05 19:04:39
Share with:

චීන-අප්‍රිකා සහයෝගිතාව කෙසේ වුවද ඒ පිළිබඳව නිර්වචනයට සුදුසු ම පාර්ශ්වය අප්‍රිකානු ජනතාව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනය අප්‍රිකාවේ සිදු කළ ආර්ථික ක්‍රියාකරකම් මගින් සිදු වූ අප්‍රිකානු ණය අවදානම වෙත ඇමරිකා මහජන මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ අප්‍රිකානු කටයුතු අනුකමිටුව පැවසුවේ අප්‍රිකා-චීන සහයෝගිතාව විනිවිදභාවයෙන් තොර  බවයි.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ චීන-අප්‍රිකා සහයෝගය පිළිබඳ ඇමරිකාව විවෘත මෙන්ම වෙනස්කම පිළිගන්නා මානසිකත්වයෙන් දැකිය යුතු බවයි. චීන-අප්‍රිකා සහයෝගිතාව තුළ සරු ප්‍රතිඵල ලබා ගෙන තිබේ. සැම්බියාවේ චීන සමාගම විසින් ඉදි කරන ලද Lower Kafue Gorge ජල විදුලි බලාගාරයෙන් සෑම වසරකම කාබන් විමෝචන ටොන් ලක්ෂ 6.6ක් අඩු වන අතර දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි විදුලි ආදායමක් ලබා ගත හැකි ය. කෙන්යාවේ  Mombasa-Nairobi දුම්රිය මාර්ගය ඔස්සේ එහි රැකියා 46 දහසක් නිර්මාණය කර තිබේ. කාන්තාරකරණය පාලනය, සමාගම් සමාජ වගකීම අනුගමණය කිරීම ඇතුළු ක්ෂේත්‍රවල චීන රජය සක්‍රීය ලෙස කැප වෙමින් සිටී. චීන-අප්‍රිකා සහයෝගිතාව පිළිබඳව නිර්වචනයට සුදුසු ම පාර්ශ්වය අප්‍රිකානු ජනතාව බවට පත් වන බව Mao Ning මහත්මිය කීවාය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වාණිජ ණය හිමියන්, අප්‍රිකාවේ විශාලතම ණය හිමි පාර්ශ්වය බවට පත් වන බව අප්‍රිකානු ණය අවදානම සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. ඇමරිකාව ක්‍රියා කරන අනුපාතය වැඩි කිරීමේ අන්තගාමී ප්‍රතිපත්තියෙන් අප්‍රිකානු රටවලට මුදල් සැපයීමේ හා ණය ගෙවීමේ පිරිවැය වියදම වැඩි වී තිබේ. එය අප්‍රිකානු රටවල ණය ප්‍රශ්නය බිහි කිරීමේ ප්‍රධාන හේතුවක් බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම