චීන සහ ඉන්දියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2023-05-05 14:25:58
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (4) ඉන්දියාවේ ගෝවා හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය  S. Jaishankar මහතා හමුවිය.

චීන-ඉන්දියානු සබඳතා නැවත ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධනයක් කරා ගෙන ඒම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා පැවසීය. දැනට චීනය සහ ඉන්දියාව අතර දේශසීමා තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පවතී. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවය දෙපාර්ශ්වය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කර, පවතින ජයග්‍රහණ තහවුරු කරමින්  දේශසීමා තත්ත්වය තවදුරටත් ලිහිල් කිරීම සඳහා දිරි දිය යුතුයැයි Qin Gang මහතා පෙන්වා දුන්නේය.

ඉන්දු-චීන සබඳතා පිළිබඳ ඉන්දීය පාර්ශ්වයේ මතය හඳුන්වා දුන් Jaishankar මහතා චීනය සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීමෙන් දේශසීමා ප්‍රදේශවල සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම