චීනය සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතර වෙළඳාම අඛණ්ඩ වර්ධනයක
2023-05-05 18:53:33
Share with:

චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර වෙළඳාම අඛණ්ඩව වර්ධනය වේ.

2012 වසරේ සිට මේ දක්වා එම වෙළඳාම වාර්ෂික ව 8.1%ක සාමාන්‍යයකින් වර්ධනය වන බව චීන වාණිජ අමාත්‍යාංශය අද (5 ) නිකුත් කළ සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. එම සංඛ්‍යා ලේඛන අනුව මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවලින් චීනය සිදු කළ ආනයනය වාර්ෂිකව 9.2%ක සාමාන්‍යයකින් වර්ධනය වී ඇත. මේ වසරේ පළමු කාර්තුවේ ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 33.3ක අගයකින් යුක්ත ය. එය පසුගිය වසරේ සමාන කාලයට ‍සාපේක්ෂ ව 1.6% වර්ධනයකි.

මේ අතර, 3වැනි චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රදර්ශනය එ‍ළඹෙන 16 වන දින සිට 20 වන දින දක්වා චීනයේ චර්ජියං පළාතේ නිං බෝ නගරයේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම