තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් ඇති කිරීම ඇමරිකාව නතර කළ යුතු බවට චීනයෙන් ඉල්ලීමක්
2023-05-05 17:41:06
Share with:

ඇමරිකාව සහ චීන තායිවාන ප්‍රදේශය මෑතකදී මිලිටරි සම්බන්ධතා අඛණ්ඩව ඉහළ නංවා තිබේ.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(5) මාධ්‍ය හමුවකදී නැවතත් අවධාරණය කළේ, ඇමරිකාව එකම චීනය යන මූලධර්මයට සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනේ විධිවිධානවලට අනුකූල විය යුතු අතර, තායිවානයට ආයුධ විකිණීම සහ තායිවානය සමඟ හමුදා සම්බන්ධතාවය සිදු කිරීම නැවත්විය යුතු බවයි.

වාර්තාවලට අනුව, ඇමරිකානු ආරක්ෂක කර්මාන්ත නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි හා එරට ජනපද පැසිෆික් මැරීන් බලකායේ හිටපු අණදෙන නිලධාරී, මෑතකදී "ඇමරිකා-තායිවාන ආරක්ෂක කර්මාන්ත සහයෝගීතා සංසදය"ට එක් වෙමින් ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂක ව්‍යවසායන් චීන තායිවාන ප්‍රදේශයේ ආරක්ෂාව වැළැක්වීම වැඩිදියුණු කිරීමට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

මේ පිළිබඳ Mao Ning මහත්මිය සඳහන් ‍කළේ, ඇමරිකාව තායිවානයට ආයුධ විකිණීම, එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන බරපතල ලෙස උල්ලංඝනය කරන අතර, චීනය සැමවිට ම දැඩි විරෝධතාව ඵල කරන බවයි. මෑතකදී, ඇමරිකාව සහ තායිවානය අඛණ්ඩව මිලිටරි සබඳතා වැඩි කර තිබේ. ඇමරිකාව තායිවානය ආයුධ භූමියක් බවට පත් කරන අතර, බහුතර තායිවාන වැසියන් එයින් පීඩා විඳිනු ඇති බව, Mao Ning මහත්මිය පැවසුවා ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම