චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නව මූල්‍ය හා ආර්ථික කොමිසමේ කටයුතු සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස්
2023-05-05 20:02:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නව මූල්‍ය හා ආර්ථික කොමිසමේ කටයුතු සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් ලබා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නව මූල්‍ය හා ආර්ථික කොමිසමේ පළමු රැස්වීම පැවැත්විණ. එහිදී හෙතෙම එම කොමිසමේ අධ්‍යක්ෂවරයා වශයෙන් කොමිසමේ කටයුතු වෙනුවෙන් උපදෙස් ලබා දී ඇත. රටේ ආර්ථික කටයුතුවලදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය හෙතෙම එහිදී අවධාරණය කළේ ය. නවීණ කාර්මික පද්ධතියක් ගොඩ නැගීම වේගවත් කිරීම සහ ඉහළ තත්ත්වයේ ජනගහණ සංවර්ධනය මගින් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාම එම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනිණ. නවීණ කාර්මික පද්ධතියක් යනු නවීණ රටක් ගොඩ නැගීම සඳහා වන ද්‍රව්‍යමය හා තාක්ෂණික පදනම ය. එම පද්ධතිය ගොඩ නැගීමේදී සැබෑ ආර්ථිකයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් , අධික ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනය සමස්ත ජනගහණයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ඉදිරියට ගෙන යා යුතු බවත්, චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම