‘ ජාත්‍යන්තර කම්කරු දින ’ නිවාඩු කාලය චීන ආර්ථිකයේ ශීඝ්‍ර ප්‍රකෘතිමත්වීම පිළිබඳ ප්‍රශස්ත පිළිබිඹුවක්
2023-05-05 10:38:17
Share with:

ගෙවී ගිය ‘ ජාත්‍යන්තර කම්කරු දින ’ නිවාඩු කාලය තුළ, චීනයේ සංචාරක දත්තයන් හි වාර්තාගත සාර්ථකත්වයක් පෙන්නුම් කෙරේ. මේ සමග, විදෙස් මාධ්‍යයන් ද චීන ආර්ථිකය කෙරෙහි ඉහළ අවධානයක් දක්වා ඇත.

චීනයේ නිල සංඛ්‍යාලේඛන අනුව, එම සමය තුළ, දේශීය සංචාරයන් හි නිරත වූ සමස්ත සංඛ්‍යාව 27කෝටි 40ලක්ෂයකි. මෙම අගය පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේ දී 70.83%ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඉන් ලද ආදායම යුවාන් බිලියන 148.056 කි. එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 128.90% කින් වර්ධනය වී තිබීම ද කැපීපෙනේ.

නිවාඩු සමයන් හි සිදුවන ආර්ථික ප්‍රසාරණයන් චීන ආර්ථිකය පිළිබඳ වැදගත් කවුළුවක් ලෙස සැලකේ. පසුගිය කාර්තුවේ චීන ආර්ථික වර්ධනය අපේක්ෂිත ඉලක්ක අභිභවා ගොස් ඇත. මෙවර ‘ කම්කරු දින ’ නිවාඩු සමයේ දී ද ආර්ථිකමය ඉලක්ක රැසක් පුරෝකථන ඉක්මවා තිබේ. චීනයේ පාරිභෝගික වෙළඳපොළේ ප්‍රබලතාව ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව මින් සනාථ වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අලුතින් නිකුත් කෙරුණු ‘ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාව ’ පෙන්වා දෙන්නේ එම කලාපයේ සමස්ත ආර්ථික වර්ධනයේ දී චීනයේ දායකත්වය පෙරමුණ ගන්නා බවයි. Goldman Sachs සමූහයේ පුරෝකථනයකට අනුව, මෙම වසර අවසානය වන විට, චීනයේ අභ්‍යන්තර ඉල්ලුම සැලකිය යුතු අයුරින් පුළුල් වීම, ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 1% කින් පමණ වර්ධනය වීම සඳහා ප්‍රශස්ත පිටුබලයක් ලබා දෙනු ඇත.

චීනය අධිගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තහවුරු කරමින් සිටී. විදේශ රටවල් බොහෝ අවස්ථාවලදී චීනය වෙත ඉහළ අවධානයක් දැක්වීමෙන් තහවුරු වී ඇත්තේ, චීන ආර්ථික වර්ධනය ජාත්‍යන්තර තලයේ බෙදා ගත හැකි අවස්ථාවක් බව යි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම