කම්කරු දින නිවාඩු කාලය තුළ චීනයේ පරිභෝජන මට්ටම ඉහළ ගොස් ඇති අතර, චීනයේ ආර්ථික වර්ධනයේ ප්‍රබල ගම්‍යතාවයක් පෙන්නුම් කරමින් ලෝකයට ධනාත්මක සංඥාවක් ලබා දී ඇති බව බොහෝ රටවල මාධ්‍ය සහ ජනතාව පවසයි.
ඇමරිකාවේ "වෝල් ස්ට්‍රීට් ජර්නල්" පසුගිය තුන්වැනිදා කළ වාර්තාවකට අනුව, මේ වසරේ කම්කරු දින නිවාඩු කාලය තුළ චීනයේ සංචාරය කළ දේශීය සංචාරකයින් ගණන මිලියන 274ක් වූ අතර එය පසුගිය වසරට වඩා 71% කට ආසන්න වර්ධනයකි. මෙය චීනයේ ආර්ථික සංවර්ධනයේ ධනාත්මක සංඥාවක් වන අතර, පරිභෝජන මට්ටම අඛණ්ඩවම චීන ආර්ථිකය මෙහෙයවනු ඇත.
නිවාඩු සමයේ මෙම වර්ධනීය ආර්ථික තත්ත්වය චීන සමස්ත ආර්ථිකයේ ශක්තිමත් බව, ඔරොත්තු දීමේ හැකියාව සහ පූර්ණ ජීව ශක්තිය පෙන්නුම් කළ බව බොහෝ රටවල ජනතාව පෙන්වා දුන් අතර එහි ධනාත්මක බලපෑම විවිධ රටවල සංචාරක කර්මාන්තයේ සහ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමට ද වැඩි විශ්වාසයක් එක් කර තිබේ.
බ්‍රසීලියානු ආර්ථික විද්‍යා මහාචාර්ය මැන්ෆ්‍රඩ් ඩෙබෙක් මහතා පැවසුවේ චීනය ලෝකයේ වැදගත් සංක්‍රමණික සංචාරක වෙළඳපොලක් වන අතර චීන සංචාරකයින්ගේ නැවත පැමිණීම විවිධ රටවල සංචාරක කර්මාන්තයට යළි විශ්වාසයක් එක් කර ඇති බවයි.