දින තුනට ඩෙංගු රෝගීහු 700ක්-අධි අවදානම් අනතුරු ඇඟවීම්
2023-05-04 16:05:53
Share with:

මේ වසරේ ගත වූ මාස හතක කාලයේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන තිස්දහස ඉක්මවන බව ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා කියා සිටී. මැයි මස මුල් දින කිහිපයේදී පමණක් මුළු රටින්ම ඩෙංගු රෝගීන් 700ක් වාර්තා වී තිබේ. කොළඹ ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ‍මේ බව පැවසීය.

ඩෙංගු වැළඳීමෙන් මේ කාලසීමාව තුළ පුද්ගලයන් 15 දෙනකු මිය ගොස් තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

රට පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවටත්, වසර 12කට පසුව ඩෙංගු වෛරසයේ තෙවැනි ප්‍රභේදය මෙරට පැතිරෙමින් පවතින බවටත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම