වත්මන් ලෝකය බරපතළ විශ්වාසයේ අර්බුදයක-චීනය පවසයි
2023-05-04 14:19:05
Share with:

වත්මන් ලෝකය බරපතළ විශ්වාසයේ අර්බුදයකට මුහුණ දී සිටින බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(3) “සාමය ගොඩනැගීම සහ තිරසර සාමය” නමැති ඉහළ මට්ටමේ විවෘත විවාදයක් පැවැත්වීය. චීන නියෝජිත Zhang Jun මහතා එහිදී මේ බව පැවසීය. තිරසර සාමය ගොඩනැගීමේහි වැදගත් පදනම විශ්වාසය වුවද වත්මන් ලෝකය බරපතළ විශ්වාසයේ අර්බුදයකට මුහුණ දී සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් රටවල් ජාත්‍යන්තර සබඳතා වලදී ඔවුන්ගේ පොරොන්දු කඩ කර, කලාපීය උග්‍ර ගැටළු ඇවිස්සීම සඳහා සුවිශේෂී හමුදා කණ්ඩායම් භාවිත කර ඇත. එසේම අනෙකුත් රටවල සංවර්ධනය සහ ප්‍රගතිය යටපත් කර, ජාත්‍යන්තර නීතිවලට ද්විත්ව ප්‍රමිතීන් යොදා ගෙන තිබෙන බව හෙතෙම කියා සිටියේය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් පිළිබඳ චින්තනය ස්ථිරව තහවුරු කර සැබෑ බහුපාර්ශ්වවාදය  ප්‍රගුණ කරන ලෙස චීනය විවිධ රටවලින් ඉල්ලා සිටින බව Zhang Jun මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම