සුඩානයේ ගැටුම්කාරී පාර්ශ්ව අතර සාකච්ඡා ආරම්භ කරමින් කඩිනමින් සටන් විරාමයකට එකඟ වන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්
2023-05-04 10:05:32
Share with:

සුඩානයේ ගැටුම්කාරී පාර්ශ්ව අතර සාකච්ඡා ආරම්භ කරමින් කඩිනමින් සටන් විරාමයකට එකඟ වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කරයි

එම සංවිධානයේ මහලේකම් António Guterres මහතා මේ බව පැවසුවේ ඊයේ(03) කෙන්යාවේ Nairobi නුවර එක්සත් ජාතීන්ගේ උසස් පෙළේ නිලධාරීන්ගේ රැස්වීමකට එක්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදීය. සුඩානයේ ගැටුම්කාරී තත්ත්වය නරක අතට හැරමින් පවතින බව ද හෙතෙම පැවසීය. වර්තමානයේ සුඩානයේ මානුෂීය අර්බුදය දරුණු ලෙස පවතින අතර, ගැටුම්කාරී පාර්ශ්ව සුඩාන ජනතාවගේ යහපත පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් සටන් විරාම ගිවිසුමකට එළඹිය යුතු ය. එසේ ම, සහනාධාර ද්‍රව්‍ය සුරක්ෂිතව මෙන්ම ශීඝ්‍රයෙන් සුඩානයට යොමු කර ජනතාවට බෙදාහැරීමට අවසර ලබා දිය යුතු බව ද  António Guterres මහතා විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම