බහුපාර්ශ්වික මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹෙයි
2023-05-04 09:55:58
Share with:

ඊශ්‍රායලය සහ පලස්තීනය බහුපාර්ශ්වික මැදිහත්වීමෙන් සටන් විරාමයකට එළඹෙයි. ඊජිප්තුව, කටාරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන්  ඊයේ (03) අලුයම පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමක් තැබූහ.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ්හි ප්‍රකාශක තරික් සෙල්මි ප්‍රකාශයක් නිකුත් කරමින්, සටන් විරාම ගිවිසුම තහවුරු කළේය. මේ වන විට ගැටුම්කාරී තත්ත්වය අවසන් වී ඇති නමුත්, ඊශ්‍රායලයට එරෙහි පලස්තීන ප්‍රතිරෝධය අඛණ්ඩව පවතිනු ඇතැයි ද ඔහු පැවසීය.

මේ වන තෙක් ඊශ්‍රායලයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති වුව ද, ඊශ්‍රායල මාධ්‍ය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර බහුපාර්ශ්වික මැදිහත්වීමෙන් සටන් විරාමයකට එළඹුනු බව  වාර්තා කරයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම