උසස් පෙළ විශිෂ්ටයින් 3000කට මිලියන 360ක ශිෂ්‍යත්ව
2023-05-04 16:05:04
Share with:

පසුගිය 2022 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් රුපියල් 5,000 බැඟින් ශිෂ්‍යාධාර පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360කි.

ඒ අනුව ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ(03) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

ශිෂ්‍යත්වලාභියෙකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක්, වසර දෙකක කාලයක් පුරා මසකට රුපියල් 5,000 බැගින් ශිෂ්‍යාධාරය හිමි වනු ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම