ඇමරිකාව සයිබර් අවි භාවිත කරමින් ලොව පුරා රහසිගත සොරකම් සහ සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-05-04 17:12:05
Share with:

චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම, අද(4) "The Matrix" හෙවත් ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) කෙරෙහි විමර්ශන වාර්තාව, එක්ව පළ කළහ. 

මෙම වාර්තාවට අනුව, ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය, දිගු කලක් තිස්සේ විදේශීය රජයන්, සමාගම් සහ පුරවැසියන් පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කර ඇති අතර, ඔත්තු බැලීම හා රහස් සොරකම් කිරීම අඛණ්ඩව සිදු කරන බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවා ය. ඇමරිකානු අදාළ පියවර ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ සුපරීක්ෂාකාරීත්වය ලැබිය යුතු කරුණකි. චීනයේ සහ වෙනත් රටවල සිදු වූ සත්‍ය සිද්ධීන් විශාල ප්‍රමාණයක් මෙම වාර්තාවෙන් අනාවරණය වන අතර, මෙය ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය දිගු කාලීන ව ලොව පුරා සයිබර් ප්‍රහාර එල්ල කීරීම පිළිබඳ තවත් උදාහරණයකි. ඇමරිකාව මේ පිළිබඳ ගැඹුරින් සැලකිය යුතු අතර ජාත්‍යන්තර ප්‍රජාවේ විමර්ශනයන්ට ප්‍රතිචාර දැක්විය යුතු බවත්,  සයිබර් අවි භාවිත කරමින් ලොව පුරා රහසිගත සොරකම් සහ සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතු බවත්, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම