සිරියානු සහ ඉරාන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ඇරඹේ
2023-05-04 10:04:44
Share with:

සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් මහතා ඊයේ (3) එරට සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රාසි මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. 2011 වසරේ සිරියානු අර්බුදයෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු සිරියාවට ගිය පළමු අවස්ථාව මෙයයි. එම සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වය ඛණිජ තෙල් සහ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සිරියානු ජනතාව ද ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය ඵලදායි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. විශේෂයෙන්ම සිරියාව සහ ඉරානය දිගු කලක් තිස්සේ ඇමරිකාවේ නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධකවලට යටත්ව සිටින හෙයින්, දෙරට අතර සහයෝගීතාවයෙන් ඇමරිකාවේ ආධිපත්‍යය බිඳ දමා සම්බාධකවල බලපෑම අවම කළ හැකි බව ද සිරියානු ජනතාව විශ්වාස කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම