ඇමරිකානු දාමරික ක්‍රියාවෙන් ලොව කර්මාන්ත හා සැපයුම් දාමය විනාශ වනු ඇත
2023-05-04 20:13:14
Share with:

ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය විනාශ කරන ඇමරිකානු ක්‍රියාකලාපය අවසානයේ තමාටම හානි සිදු වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

මෑතකදී ඇමරිකාවේ අර්ධ සන්නායක සංගමයේ සභාපති John Neuffer මහතා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ ඇමරිකාවේ අර්ධ සන්නායක සමාගම් චීන වෙළඳපොලේ සිටිය යුතු බවයි.

ඇමරිකාව සිය ආධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය වෙත කෙරෙන අපනයනය සීමා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය. චීනය ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳපොල බවට පත්ව ඇත. චීනය මර්දනය කිරීම පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක විද්‍යා හා තාක්ෂණ ප්‍රගතිය හා සංවර්ධන අයිතිය අහෝසි කිරීම ද ඇමරිකාව සිදු කරයි. එම රටවල් සදහටම කර්මාන්ත දාමයේ පහළ කෙළවරේ රැඳවීමට ඇමරිකාව උත්සාහ කරයි. සිය ප්‍රතිලාභ පමණක් ගණන් ගන්නා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇමරිකානු දාමරික ක්‍රියාවෙන් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය විනාශ කිරීම ‍ලෝක ආර්ථික වර්ධනයට උපකාරී නොවේ. අවසානයේ ඉන් ඇමරිකාවට හානි ගෙන එනු ඇතැයි Mao Ning මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම