මහ බැංකුවේ නවතම වාර්තාව අනුව රුපියල ශක්තිමත්
2023-05-04 16:03:32
Share with:

මේ වසරේ මුල සිට අප්‍රේල් 28 වැනිදා දක්වා ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 12.9කින් ශක්තිමත් වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

අදාළ කාලයේ දී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 9.1කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8.8කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 14.2කින් ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 11.4කින් ද ශක්තිමත් වී ඇත.

ගිය වසරේ (2022) ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් පිරිහීමට ලක් විය.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම