ඇමරිකානු පොලී අනුපාත යළිත් ඉහළට
2023-05-04 09:32:33
Share with:

පොලී අනුපාතය යළි සියයට 0.25කින් ඉහළ නංවන බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය  ප්‍රකාශ කරයි.

මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ දින දෙකක් පැවති සාකච්ඡාවකින් පසුව, ඇමරිකානු ෆෙඩරල් සංචිත කමිටුව ඊයේ (3) මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව ෆෙඩරල් අරමුදල් අනුපාතය 5% සිට 5.25% දක්වා ඉලක්කගත පරාසය පදනම් අංක 25 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත. 2022 මාර්තු මාසයේ සිට පොලී අනුපාත ඉහල දැමීමේ 10 වැනි අවස්ථාව මෙයයි. මේ දක්වා, පොලී අනුපාතය 5% කින් ඉහළ නංවා ඇත.

උද්ධමනය පහත වැටීමට යම් කාලයක් ගතවනු ඇති බවත්, ඉල්ලුම සහ රැකියා වෙළඳපොල තවදුරටත් දුර්වල වීමෙන් පසු පොලී අනුපාත අඩු කිරීම සුදුසු වන බවත් ෆෙඩරල් සංචිත සභාපති Jerome Powell මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම