කම්කරු දින නිවාඩු කාලය තුළ චීනයේ දේශීය වශයෙන් සංචාරය කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළට
2023-05-04 10:05:53
Share with:

 කම්කරු දින නිවාඩු කාලය තුළ චීනයේ දේශීය වශයෙන් සංචාරය කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. එම කාලය තුළ සංචාරක හා සංස්කෘතික වෙළෙඳපොලේ නවතම තත්ත්වය චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය විසින් ඊයේ(3) ප්‍රකාශ කරන ලදි. දේශීය සංචාර සංඛ්‍යාව කෝටි 27.4ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 70.83ක වර්ධනයකි. එමෙන්ම දේශීය සංචාරක ආදායම චීන යුවාන් බිලියන 148ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 128.9ක වැඩි වීමක් පෙන්නුම් කරන බව ද සඳහන් වේ.

චීනයේ ජනප්‍රිය ම සංචාරක උපදේශණ වෙබ් අඩවියක් වන CTRIP නිකුත් කළ දත්තවලට අනුව, රටේ සංචාරක ගමනාන්තවල ටිකට් අලෙවිය පසුගිය වසරේ එම කාලයට වඩා නව ගුණයකින් වැඩි වී ඇති අතර, වසංගතයට පෙර 2019 වර්ෂයටත් වඩා දෙගුණයකින් වැඩි විය. විදේශ සංචාරක ඇණවුම් හත් ගුණයකින් වැඩිවීම ද විශේෂත්වයකි.   

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම