සුඩානයේ සන්නද්ධ ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 550 දක්වා ඉහළට
2023-05-03 16:25:20
Share with:

සුඩාන සන්නද්ධ හමුදා සහ පැරාමිලිටරි කඩිනම් සහය බලකායන් අතර සන්නද්ධ ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 550 ඉක්මවමින් තුවාලකරුවන් 4,926 ක් වාර්තා වී ඇති බව සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ(02) නිවේදනය කළේය.

සුඩාන සන්නද්ධ හමුදාව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇසින් දුටුවෝ පැවසූහ.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, සුඩාන පුරවැසියන් දහස් ගණනක් අවතැන් වී ඇත. සුඩානයේ ප්‍රදේශ සහ ඊජිප්තුව, ඉතියෝපියාව, චැඩ් ඇතුළු අසල්වැසි රටවල ආරක්ෂිත ප්‍රදේශවල රැකවරණය ලබා ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම