චීන කෘෂිකාර්මික විශ්විවිද්‍යාලයේ සිසුන්ට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2023-05-03 16:18:44
Share with:

රටේ කෘෂිකාර්මික නවීකරණය වෙනුවෙන් අපේක්ෂා සහගත ව අධ්‍යාපන කටයුතුවල නිරත වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කෘෂිකාර්මික විශ්විවිද්‍යාලයේ සිසුන් දිරිගන්වයි.

පසුගිය දා චීන කෘෂිකාර්මික විශ්විවිද්‍යාලයේ විද්‍යා තාක්ෂණ ආයතනයේ සිසු නියෝජිතයන් ෂී ජින් පිං ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. රටේ කෘෂිකාර්මික නවීකරණය වෙනුවෙන් ඉදිරියේදී කැපවීමෙන් කටයුතු කරන බව ඔවුහු ලිපියෙන් කියා සිටියහ.

චීන ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් එම සිසුන් දිරිගන්වන අතර හෙට (4) දිනට යෙදෙන චීන‍ යෞවනයන්ගේ දිනය නිමිති කරගෙන රටේ සමස්ත තරුණ පරපුර වෙත සිය සුභාශිංසනය ද පිරිනමා ඇත. චීන කෘෂිකාර්මික විශ්විවිද්‍යාලයේ විද්‍යා තාක්ෂණ ආයතනයේ සිසුන් නිරන්තරයෙන් වගාබිම් හා ‍ගොවි ඇසුරට සමීප වීම පිළිබඳ තමන් සතුටු වන බවත්, ඒ තුළින් සිසුන්ට කෘෂිකර්මය හා ග්‍රාමීය ජීවිත පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි බවත්, ෂී ජින් පිං මහතා එම පිළිතුරු ලිපියෙන් පවසයි. ශක්තිමත් කෘෂිකාර්මික රටක් ගොඩ නැගීමේ නවතම සැලසුම් මේ වන විට රජය සකස් කර තිබේ. එම සැලසුම් ක්‍රියාවට නංවාලීමේදී තරුණ පරපුරේ දායකත්වය අත්‍යවශ්‍ය‍ වේ. රටේ කෘෂිකාර්මික නවීකරණය වෙනුවෙන් අපේක්ෂා සහගත ව අධ්‍යාපන කටයුතුවල නිරත වන්නැයි චීන ජනාධිපතිවරයා එම සිසුන් දිරිමත් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම