මියන්මාර නායකයා චීන විදේශ ඇමති හමු වෙයි
2023-05-03 16:40:51
Share with:

මියන්මාර නායක Min Aung Hlaing මහතා ඊයේ(2) එරට Naypyidaw නුවර දී, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති Qin Gang මහතා හමු විය.

චීන-මියන්මාර පූර්ණ උපායමාර්ගික සහයෝගීතාව ස්ථාවරව ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, Qin Gang මහතා එහිදී කියා සිටියේ ය. මියන්මාරයේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සහ මියන්මාර ලක්ෂණ සහිත සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නෛතික රාමුව යටතේ වෙනස්කම් නිසි ලෙස හැසිරවීමට සහ සංහිඳියාව ඇති කර ගැනීමට මියන්මාරයේ සියලුම පාර්ශවයන්ට චීනය සහාය හිමි වනු ඇත. චීන-මියන්මාර ආර්ථික කොරිඩෝවේ ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘති වේගයෙන් ප්‍රවර්ධනය කිරීමෙන්, කෘෂිකාර්මික, අධ්‍යාපන, වෛද්‍ය සහ සෙසු ජනතාවට ප්‍රයෝජනවත් ව්‍යාපෘති සිදු කිරීමට, චීනය සිය පරාසය තුළ අඛණ්ඩව මියන්මාරයේ සංවර්ධනයට සහාය දෙනු ඇතැයි, Qin Gang මහතා එහිදී සඳහන් කළේ ය.

මියන්මාරය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු වසර 70ක් පමණ තුළ, දෙරට අතර සබඳතා සෑම විටම සංවර්ධන වේගයක් පවත්වා ගෙන යන අතර, ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව, Min Aung Hlaing මහතා පැවසීය. මියන්මාරය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් චීනයේ වෛෂයික සහ සාධාරණ ස්ථාවරය මියන්මාර පාර්ශවය අගය කරන බව හෙතෙම සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම