වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලයෙන්
2023-05-03 18:58:48
Share with:

රථ වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලය හරහා කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්  ඊ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම “eRL වැඩසටහන” යටතේ ක්‍රියාත්මක කෙරේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන් ම  තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම eRL වැඩසටහනින් ලබා දී ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම්  ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඊ-මේල් ලිපිනය ඔස්සේ අයදුම්කරුට ලැබේ. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් නිවසට ලැබෙනු ඇත.

දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල  මඟින් ද මෙම පහසුකම ලබා ගත හැකිය. දිවයිනේ සමස්ත පළාත් නමය මඟින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5ක් ඉක්මවා ඇති අතර එයින් උපයා ඇති ආදායම බිලියන 10කට අධිකය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම