චීන විදේශ අමාත්‍යවරයා මියන්මාරය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය හමුවෙයි
2023-05-02 16:24:55
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang   මහතා ඊයේ(01) බෙයිජිංහි දී මියන්මාරය සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වර‍යාගේ විශේෂ නියෝජිතවරිය, Noeleen Heyzer මහත්මිය හමු විය.

Qin Gang මහතා පැවසුවේ අභ්‍යන්තර හා බාහිර සාධක එකිනෙකට බැඳී ඇති මියන්මාර ප්‍රශ්නය සංකීර්ණ වන අතර එයට “ඉක්මන් විසඳුමක්” නොමැති බවයි. මියන්මාරයේ ස්වෛරීභාවයට ගරු කරන ලෙසත්, ව්‍යවස්ථාපිත හා නෛතික රාමුව තුළ මියන්මාරයේ සියලුම පාර්ශවයන්ට සහය දෙන ලෙසත්, වෙනස්කම් සමනය කර දේශපාලන සංවාද තුළින් දේශපාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලෙසත් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) මැදිහත්වීමට ජාත්‍යන්තර ප්‍රජාව ගරු කළ යුතු අතර මියන්මාරය සම්බන්ධයෙන් එහි කරුණු පහක එකඟතාව ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව Qin Gang මහතා මහතා පැවසීය. චීනය විශේෂ නියෝජිතවරියට අඛණ්ඩ සහාය සහ උපකාර කරන බව ද ඔහු සඳහන් කළේය.

මියන්මාර ප්‍රශ්නය විසඳීමේ ප්‍රයත්නය මියන්මාරය විසින් මෙහෙයවිය යුතු බවත්, එහි ජනතාවගේ කැමැත්තට ගරු කළ යුතු බවත් Noeleen Heyzer මහත්මිය පැවසුවාය. මියන්මාර ප්‍රශ්නය විසඳීම ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ වැදගත් කාර්යභාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන අතර මියන්මාරයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද විශේෂ නියෝජිතවරිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම