උස්බෙකිස්තානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීම පිළිබඳව චීනයේ සුබ පැතුම්
2023-05-02 20:36:39
Share with:

උස්බෙකිස්තානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණය පිළිබඳව චීනය අදහස් දක්වයි.

එම ජනමත විචාරණය පසුගිය දා සාර්ථක ව පැවැත්විණ. උස්බෙකිස්තාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධන කෙටුම්පත බාධාවකින් තොරව සම්මත වූ බව එහි මූලික ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරිණ.

මෙවන් ප්‍රතිඵලය පිළිබඳව චීනය උස්බෙකිස්තානයට සුබ පතන බවත්, උස්බෙකිස්තානය ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු වඩාත් සාර්ථක අන්දමින් පවත්වාගෙන යනු ඇතැයි විශ්වාස කරන බවත්, චීන විදේශ අමාත්‍යාංශය අද (2) කියා සිටියේ ය. උස්බෙකිස්තානයේ සුහද අසල්වැසියෙකු හා උපාය මාර්ගික හවුල්කරුවෙකු වශයෙන් චීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකයි. උස්බෙකිස්තානය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහ‍යෝගිතා වඩාත් ශක්තිමත් කරමින් චීන-උස්බෙකිස්තාන පොදු හවුල සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම