සෞදි අරාබියේ ඉරාන තානාපති හා කොන්සල් කාර්යාල යළි රාජකාරී අරඹයි
2023-05-02 17:14:53
Share with:

සෞදි අරාබියේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ආයතන තුනක් නැවත රාජකාරී අරඹන බව ඉරාන විදේශ අමාත්‍යාංශය ඊයේ(1) පැවසීය. ඒ, සෞදි අරාබියේ Riyadh නුවර ඉරාන තානාපති කාර්යාලය, Juddah නගරයේ ඉරාන කොන්සල් ජනරාල් කාර්යාලය සහ, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ ඉරාන නියෝජිත කාර්යාලයයි.

සෞදි අරාබිය සහ ඉරානය අතර 2016 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටිණ. චීන පාර්ශ්වයේ සහාය යටතේ, දෙරටේ නියෝජිතයන් මේ වසරේ මාර්තු මාසයේදී බෙයිජිං හිදී සංවාදයක් පැවැත්වූහ. එහිදී සෞදි අරාබිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දෙපාර්ශවය එකඟ වන බව ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම