චීන සහ මොන්ගෝලියානු විදේශ අමාත්‍යවරු අතර සාකච්ඡා
2023-05-02 16:28:58
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ(01) බෙයිජිං හි දී මොන්ගෝලියානු විදේශ අමාත්‍ය Batmunkh Battsetseg මහතා සමඟ සාකච්ඡා පවත්වයි.

චීනය සහ මොංගෝලියාව හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් බව සඳහන් කළ Qin Gang මහතා, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීමටත්, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගය ලබා ගැනීමටත්, දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය වැඩි දියුණු කරමින් චීනය මොංගෝලියාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.

දෙරටේ සංවර්ධන උපාය මාර්ග තවදුරටත් ඒකාබද්ධ කිරීමට, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීමේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ සාමකාමී සහජීවනය සහිත හවුල් අනාගතයක් සහිත චීන-මොන්ගෝලියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා පතල් කැණීම් සහ අන්තර් සම්බන්ධතා සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීමට Qin Gang මහතා චීනයේ කැමැත්ත ප්‍රකාශ කළේය.

මොන්ගෝලියානු පාර්ශවය එක්-චීන මූලධර්මයට අවනත වන බවත්, තායිවාන ප්‍රශ්නය සහ හොංකොං සහ ෂින්ජියැන්ග් සම්බන්ධ ගැටළු තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුතු බව එරට විශ්වාස කරන බවත් Batmunkh Battsetseg මහතා පැවසීය. මොංගෝලියාව චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂණ මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම අගය කරන අතර සහාය දක්වන බව Battsetseg මහතා සඳහන් කළේය. මොංගෝලියාව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ චීනය සමඟ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා කලාපයට ආදර්ශයක් බවට පත් කිරීමට කැමැත්තෙන් සිටින බව  ද ඔහු පැවසීය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම