සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්
2023-05-02 18:48:15
Share with:

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සහ කළද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර ඇති එම අරමුදලට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මැයි  දින පණිවිඩයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වැඩකරන ජනතාව බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවද පෙන්වාදෙයි. කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාදෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම කම්කරු දිනයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම