සුඩාන ගැටුම සාකච්ඡාවෙන් නිරාකරණයට දෙපාර්ශ්වයේ සූදානමක්
2023-05-02 16:20:36
Share with:

සුඩානයේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සාකච්ඡා පැවැත්වීමට එකඟ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු පවසයි.

සුඩානයේ සංක්‍රාන්ති කාලයේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ පූර්ණ සහනාධාර කණ්ඩායමේ ප්‍රධානී Volker Perthes මහතා ඊයේ(1) පැවසුවේ සාකච්ඡා සඳහා නියෝජිතයන් යොමු කිරීමට සුඩානයේ ගැටුමට සම්බන්ධ දෙශ්පාර්ශවය එකඟ වූ බවයි. එහෙත් සාකච්ඡා පැවැත්වීමට තවමත් අභියෝග පවතී. එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත්තේ සෞදි අරාබියේ හෝ දකුණු සුඩානයේදීය. දෙපාර්ශ්වය අතර විශ්වාසය හිඟවීම හේතුවෙන් එම සාකච්ඡා පැවැත්වීමට විශාල අසීරුතාවක් ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම