සිරියානු අර්බුදය විසඳීමට අරාබි රටවල් 5ක විදේශ ඇමතිවරු එක් වෙති
2023-05-02 15:52:02
Share with:

සිරියාවේ අර්බුදය ප්‍රමුඛව විසඳන බව අරාබි රටවල් 5ක විදේශ ඇමතිවරු අවධාරණය කරති.

ජෝර්දානය, සෞදි අරාබිය, ඉරාකය, ඊජිප්තුව හා සිරියාව අතුළු රටවල් පහේ විදේශ ඇමතිවරු ඊයේ(1) ජෝර්දානයේ අම්මාන් අගනුවරදී හමුවක් පැවැත්වූහ. සිරියා ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සාකච්ඡා කරමින් සිරියාවේ අර්බුදය විසඳීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බව ඔවුහු අවධාරණය ක‍ළහ. සිරියා ගැටළුව වෙනුවෙන් ගන්නා දේශපාලන විසඳුම පදනම් කර ගත යුත්තේ සිරියාවේ එක්සත්වීම හා ස්වාධිපත්‍යය මත ය. එම විසඳුම මගින් සිරියා සරණාගතයින් මව් රටට සුරක්ෂිතව ආපසු පැමිණීමට, සිරියාවේ ආරක්ෂාව හා ස්ථාවරත්වය යළි පිහිටුවීමට හා විදේශ හමුදා සිරියාවෙන් ඉවත් කිරීම තහවුරු කිරීමට උපකාරී විය යුතු බව විදේශ ඇමතිවරු අවධාරණය කළහ. ජෝර්දානය, ඉරාකය ඇතුළු අසල්වැසි රටවල් සමග සිරියාව සහයෝගිතා ශක්තිමත් කරමින් ත්‍රස්තවාදී සංවිධාන හා දේශසීමා ප්‍රදේශයේ අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඔවුහු එහිදී එකඟ වූහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම