ජාතික වෙසක් සතිය අදින්(02) ඇරඹේ
2023-05-02 18:49:07
Share with:

මේ වසරේ වෙසක් පෝය මැයි මස 05වැනිදාට යෙදී ඇති අතර ලබන 08වැනිදා දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වේ.

ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කටයුතු සංවිධාන කර ඇත.

වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ. එසේම දන්සැල් පැවැත්වීම, සැරසිලි කිරීම, බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දී ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම