චීන විදේශ ඇමතිවරයා මියන්මාරයේ නිල සංචාරය කරන අතර ඉන්දියාවේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමති සමුළුවට එක් වෙයි
2023-05-02 17:30:17
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති Qin Gang මහතා අද(2) සිට 5වැනිදා දක්වා, මියන්මාරයේ නිල සංචාරය කරන අතර, ඉන්දියාවේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමති සමුළුවට එක් වනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, Qin Gang මහතාගේ මෙම සංචාරය, 2020 ජනවාරි මාසයේදී ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මියන්මාරයේ ඓතිහාසික සංචාරයේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම අරමුණු කරන බවයි. ආර්ථිකය සහ ජනතාවගේ ජීවනෝපාය යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම, මියන්මාරයේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට, ආර්ථිකය පුනර්ජීවනයට, ජනතාවගේ ජීවනෝපාය යහපත් කිරීමට මෙන්ම, තිරසාර සංවර්ධනය ඉටු කිරීමට, චීනය සහාය දෙන බව, Mao Ning මහත්මිය පැවසුවා ය.

මේ වසරේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ ඇමති සමුළුව ලබන 4වැනිදා හා 5වැනිදා ඉන්දියාවේ Goa ප්‍රාන්තයේ Panaji නගරයේ පැවැත්වීමට නියමිතයි. එහිදී චීන විදේශ ඇමති Qin Gang මහතා ඒ ඒ සාමාජික රටවල විදේශ ඇමතිවරුන් සමඟ, ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය, ශැංහයි සහයෝගිතා සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා කෙරෙහි අදහස් හුවමාරු කරනු ඇති අතර, මෙම වසරේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුව සඳහා සම්පූර්ණ සූදානමක් කරනු ඇතැයි, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම