චීනයේ ස්ථාපිත කරන ලද ලොව විශාලතම මහජන වෛද්‍ය ආරක්ෂණ ජාලය
2023-05-02 17:17:57
Share with:

ලොව විශාලතම මහජන වෛද්‍ය ආරක්ෂණ ජාලය චීනයේ ස්ථාපිත කෙරේ.

වසර ගණනාවක් ගතවීමෙන් පසු චීනය රට තුළ ලොව විශාලතම මහජන වෛද්‍ය ආරක්ෂණ ජාලය ස්ථාපිත කර ඇත. වසර 2022 වන විට චීන ජනගහණයෙන් 95%ක් ජාතික වෛද්‍ය රක්ෂණ ‍පද්ධතියට එක්ව සිටිති. එම වෛද්‍ය රක්ෂණ පද්ධතියට ඇතුළත් කර ඇති ඖෂධ සහන මිළට රෝගී ජනතාවට ලබා ගත හැකි ය. ගෙවුණු වසර 5 තුළ පිළිකා, දුලබ රෝග හා නිදන්ගත රෝග සුව කරන තවත් ඖෂධ වර්ග 618ක් එම පද්ධතියට ඇතුළත් කර තිබේ. එමෙන් ම මිළ අධික ඖෂධ වර්ග 341ක් ක්‍රමයෙන් ජනතාවට දරාගත හැකි මට්ටමට ළඟා වී ඇති අතර එම ඖෂධවල මිළ 50%කට වැඩි සාමාන්‍ය අගයකින් පහළ ගොස් ඇත. චීන මහජන වෛද්‍ය ආරක්ෂණ ජාලය ආවරණය කෙරෙන ආනයනික ඖෂධවල මිළ ගණන් ලොව පහළ ම මට්ටමේ පවතී.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම