ඉදිරි වසර 5හේදී ලොව රැකියා මිලියන 14ක් අහිමි වනු ඇත
2023-05-01 18:23:36
Share with:

ඉදිරි වසර 5 තුළ ගෝලීය වශයෙන් රැකියා මිලියන 14ක් කප්පාදු වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

ලෝක ආර්ථික සංසදය ඊයේ (30) සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාව සකස් කර ඇත්තේ රැකියා මිලියන 673ක තොරතුරු සහිත දත්ත බැංකුවක් සහ ගෝලීය ව්‍යවසායන් 803ක් පිළිබඳ සිදු කළ සමීක්ෂණ මූලික කරගෙන ය. එම වාර්තාවට අනුව ඉදිරි වසර 5 තුළ ගෝලීය වශයෙන් රැකියා මිලියන 14ක් කප්පාදු වනු ඇත. නව තාක්ෂණ භාවිතය සහ ආර්ථික වර්ධන වේගය අඩු වීම ඇතුළු සාධක ඊට හේතු වේ.

කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණ භාවිතයෙන් ගෝලීය රැකියා අපේක්ෂාවන් කෙරෙහි ධනාත්මක හා සෘණාත්මක බලපෑම් ඇති වනු ඇත. කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයට අදාළ වෘත්තිකයන් පිළිබඳ ඉල්ලුම පවතින බැවින් වැඩි රැකියා අවස්ථා බිහි වන අතර කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය භාවිතය හේතුවෙන් ඇතැම් රැකියා ඉවත් කිරීමේ අවදානමක් ද පවතින බව එම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම