මැයි දින නිවාඩුවේ පළමු දිනයේ චීනයෙන් වාර්තාගත දුම්රිය සංචාර
2023-05-01 16:19:20
Share with:

දින පහක මැයි දින නිවාඩුවේ පළමු දිනය වන සෙනසුරාදා(29) චීනයේ දුම්රිය සංචාර වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික දුම්රිය ක්‍රියාකරුගේ දත්ත පෙන්වා දෙයි.

සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමාගමට අනුව, සෙනසුරාදා දින මුළු දුම්රිය 12,064 ක් ක්‍රියාත්මක වී තිබේ. එමඟින් හසුරුවා ඇති මගී සංචාර ගණන මිලියන 19.66 කි. ඉරිදා දුම්රිය මගී සංචාර මිලියන 18 ක් සහ දුම්රිය 11,217 ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන දුම්රිය සමාගම පැවසීය.

ජනවාරි අග පැවති දින හතක වසන්ත උත්සව නිවාඩුවෙන් පසු පළමු දිගු නිවාඩුව වන මැයි දින නිවාඩුව තුළ සංචාරය සඳහා දැඩි ඉල්ලුමක් රට තුළ වාර්තා විය. මෙවර මැයි දින නිවාඩුව අප්‍රේල් 29 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම