ඉන්ධන මිල යළිත් පහළට
2023-05-01 16:37:04
Share with:

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින් පහළ දැමුණ අතර නව මිල රුපියල් 333 කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 365 ක් වේ. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් පහළ දැමූ අතර නව මිල රුපියල් 310 කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 330 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ලංකා භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 295 ක් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 330 ක්ව පවතින බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම