මැයි පළමුදාට යෙදෙන කම්කරු දිනය නිමිත්තෙන් සමරු උළෙල රැසක්
2023-05-01 16:35:15
Share with:

ජාත්‍යන්තර කම්කරු දිනය අදට(1) යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි සංවිධානය කර තිබිණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළිය “අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු” යන තේමාව යටතේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළිය “ආර්ථිකයේ ආරක්ෂාව තාක්ෂණය යන අංශ මූලික කරගනිමින් 2048 ජයගමු” යන තේමාව යටතේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝ සුබ පැතුම් පණිවිඩයක් මධ්‍යයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පෙරවරු නවයට ආරම්භ විය.

සමගි ජන බලවේගයේ කම්කරු දින රැළිය, ‘‘වැඩ කරන ජනතාවගේ අරගලය” යන තේමාව යටතේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා සභාව සංවිධානය, උත්තර ලංකා සභාගය, පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ කම්කරු දින රැළිය, වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි රැළිය යන මැයි දින උත්සව සහ  පෙළපාලි ද සංවිධාන කර තිබිණ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම