විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය මැයි 01වැනිදා සිට
2023-05-01 16:38:09
Share with:

විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව පවතින අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බද්දක් අය කිරීමක් සිදුනොකරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය. කාණ්ඩ පහක් යටතේ එම සහනය ක්‍රියාත්මක කෙරේ. අමෙරිකානු ඩොලර් 2,400 ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී.

4,800ත් - 7,199ත් සඳහා ඩොලර් 960ක්, 7,200ත් - 11,999ත් සඳහා ඩොලර් 1,440ක් ද, ඩොලර් 12,000-23,999ත් එවූ ශ්‍රමිකයින්ට ඩොලර් 2,400ක් ද,  ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින අතර 2022 මැයි පළමුදා  සිට වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට එම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය කියා සිටී .

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම