ඇමරිකාව කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වයට හානිකර විය හැකියි - ඉරාන ජනාධිපති
2023-04-30 16:04:48
Share with:

ඇමරිකාව කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වයට හානිකර විය හැකි බව ඉරාන ජනාධිපති  Seyed Ebrahim Raisi මහතා පවසයි.

ඉරාන ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ, එරට සංචාරයක නිරත ඉරාක ජනාධිපති Abdul Latif Rashid මහතා ඊයේ (29) හමුවීමෙන් පසු පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවක දීය.

දෙපාර්ශ්වය විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බව Raisi මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

දෙරට අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ඉරාකයේ ආරක්ෂාව ඉරානයට අතිශය වැදගත් වන අතර, විදේශීය බලවතුන්, විශේෂයෙන් ඇමරිකාව, එම කලාපය තුළ සිටීම නිසා කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ විය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

ඇමරිකාව තම අවශ්‍යතා පිළිබඳව පමණක් සැලකිලිමත් වන අතර ඉරානය, ඉරාකය ඇතුළු කලාපීය සෙසු රටවල අවශ්‍යතා සම්බන්ධයෙන් තැකීමක් නොකරන බව ද ඉරාක ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම