හරිත ආර්ථිකයක් ගොඩනැගීමට නවනීති සකසන බව ජනපති කියයි
2023-04-30 14:59:54
Share with:

හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අදාළව නව පරිසර පනතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, 28 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2021- 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

ලොව දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත්, පරිසරය දූෂණයට වඩාත් වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම මගින් ඊට දායකවිය යුතු බවත් වික්‍රමසිංහ මහතා කියාසිටී. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් උළෙල සංවිධාන කරනු ලැබීය. විවිධ අංශවලින් පරිසරය සුරැකීම උදෙසා කළ මෙහෙවර පසසා 90 දෙනකු වෙත ජනාධිපති සම්මාන පිරිනැමිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම