ශ්‍රී ලංකාවට ඉදිරියේදීත් චීනයේ සහාය හිමිවන බව චීන තානාපතිවරයා කියයි
2023-04-30 15:22:38
Share with:

ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට චීනයේ සහාය අඛණ්ඩව හිමිවන බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

වසර 30 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වූ බවත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී චීනය ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වූ බවත් තානාපතිවරයා මෙහිදී පැවසීය. ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය සුරැකීමට චීනය ආරක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ බව ද ඔහු සිහිපත් කළේය.

මෙරට ආර්ථික හා සමාජයීය සංවර්ධනය උදෙසා අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට චීනය මනා සහායක් ලබාදුන් බවත්, ඉදිරියේ දීත් චීනයේ සහාය ශ්‍රී ලංකාවට හිමිවන බවත් චීන තානාපතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම