සුඩානයේ සිටින චීන ජාතිකයන් ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන්
2023-04-30 14:42:09
Share with:

සුඩානයේ සිටින චීන ජාතිකයන් ඉවත් කිරීමේ මෙහෙයුම චීන හමුදාව විසින් සම්පූර්ණ කර ඇතැයි චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක කියාසිටී.

සුඩානයේ සිටින චීන පුරවැසියන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරමින් ඔවුන් එරටින් ඉවත් කරගැනීමේ කාර්යභාරය චීන හමුදාවට පැවරී තිබිණ.

 අදාළ රටවල චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල සහය ඇතිව අදාළ මෙහෙයුම් ක්‍රියාවට නංවනු ලැබීය. නාවික හමුදාවට අයත් නන්නිං සහ වෙයිෂාන්හු නෞකා පසුගිය 26 වැනිදා සිට 29 වැනිදා දක්වා චීන ජාතිකයන් 940 දෙනෙකු සහ විදේශිකයන් 231 දෙනෙකු සුඩාන වරායේ සිට සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත රැගෙන ඒමට සමත් ව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම