‘ජාත්‍යන්තර කම්කරු දිනය’ නිමිත්තෙන් රටේ වැඩකරන ජනතාවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-04-30 14:15:53
Share with:

හෙටට (01) යෙදෙන ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රටේ ශ්‍රම බලකාය වෙත සිය හෘදයංගම සුබ පැතුම් හා කෘතඥතාව පළ කරයි.

මෙම වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමේ සමාරම්භක වසර බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. ශ්‍රමාභිමානය හා වෘත්තීයමය ගුණධර්ම මනා ව පුළුල් කරමින් උත්සාහවන්ත අයුරින් සිය සේවය සඳහා ඇපකැප වන්නැයි හෙතෙම වැඩකරන ජනතාව දිරිගන්වා තිබේ. චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය සමගින් ඔපවත් වන චීන ජාතියේ පුනර්ජීවනය සඳහා වන නව ගමනේ දී ප්‍රශස්ත ගාමක බලයක් බවට පත්වන ලෙස ද ජනාධිපතිවරයා එම ජනතාවට ඇරයුම් කර සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම