තරුණ හදවත් දිරිගන්වන හෘදයංගම නායකත්වය - ෂී ජින් පිං
2023-04-30 17:16:59
Share with:

තාරුණ්‍යය යනු රටක අනාගතයයි.

චීන උත්තරීතර නායක ජනාධිපති ෂී ජින් පිං මහතා  සෑමවිටම යෞවනයන්ගේ වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන අතර, බොහෝ විට ඔවුන් සමඟ ලිපි මගින් සන්නිවේදනය කර ඇත. යෞවනයන් කෙරෙහි ෂී ජින් පිං මහතා තුළ පවතින අවංක විශ්වාසය මෙන්ම තරුණ කුසලතා ගවේෂණය කිරීමේ සැබෑ හැඟීම් එම ලිපි තුළින් පිළිබිඹු වේ.

1983 දෙසැම්බර් 18වැනිදා  එවකට උතුරු චීනයේ Hebei පළාතේ Zhengding කෝරළයේ පක්ෂ කමිටුවේ ලේකම් ධුරය දැරූ ෂී ජින් පිං මහතා, Hebei කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ Zhengding කෝරළයෙන් පැමිණි සිසුන්ට ලිපියක් යොමුකරමින් මෙසේ පැවසීය. "ඔබේ ගම්මානයේ සිටින මාපියවරුන් ඇතුළු වැසියන් 400,000 කට වැඩි පිරිසක් ඔබේ අධ්‍යාපනික සාර්ථකත්වය අපේක්ෂාවෙන් සිටිති. මාතෘභූමිය ගොඩනැගීම සඳහා ඔබගේ උපරිමයෙන් කැපවන්න." එම ලිපියට ඔහු අත්සන යොදා තිබුණේ  "ඔබේ සහෝදරයා  ෂී ජින්පින්" යනුවෙනි. 1984 සිට 1987 දක්වා Hebei කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ  Zhengding හි සිසුන් 51 දෙනාගෙන් අඩකට වැඩි පිරිසක් උපාධි ලබාගෙන Zhengding හි සේවය කිරීම සඳහා ආපසු පැමිණියහ.

ෂී ජින්පිං මහතාගේ "පෑනේ මිතුරන්" අතර බොහෝ විදේශීය තරුණයෝ ද වෙති.

2020 මැයි 17 වැනිදා ෂී ජින්පිං ජනාධිපතිවරයා, බෙයිජිං විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සියලුම පකිස්ථාන සිසුන්ට  ලිපියක් යොමුකරමින්, චීන තරුණයන් සමඟ මනා සන්නිවේදනයක් ගොඩනගා, එකිනෙකා අත්වැල් බැඳගන්නා ලෙස ඔවුන් දිරිමත් කළේය. චීනයේ අධ්‍යාපනය ලැබීම සඳහා ලොව පුරා සිටින කැපීපෙනෙන තරුණ තරුණියන් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම පැවසීය.

බෙයිජිං විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය 1977 වසරේ සිට පකිස්ථානයෙන් සිසුන් බඳවා ගැනීම ඇරඹූ අතර, එරට සිසුන් 200 කට අධික පිරිසක් පුහුණු කර තිබේ. උපාධිය සාර්ථකව නිම කළ, බොහෝ පකිස්ථාන සිසුහු චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම සහ දෙරට අතර විද්‍යාත්මක, තාක්‍ෂණික හා සංස්කෘතික හුවමාරු සඳහා  මූලිකත්වය ගනිමින් සිටිති.

ෂී ජින්පිං මහතාගේ මෙම ලිපි, තරුණ කණ්ඩායම්වල නොපසුබට උත්සාහයට මෙන්ම ආත්ම විශ්වාසය වර්ධනයට බෙහෙවින් බලපා ඇත.

 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම